Tuesday, December 24, 2024

General line - 0115112241

අනුරගේ ඉන්දීය සංචාරය ගැන රනිල්ගෙන් පැසසුම්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ නවදිල්ලියේදී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු - ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායි කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් “එට්කා” ගිවිසුම සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවද එම නිවේදනයේ සඳහන්.