පාර්ලිමේන්තු අද පෙරවරු 09යි 30ට යළි රැස්වෙනවා. පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතයි.
ඊයේ මෙම විවාදයට එක්වෙමින් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් පාසල් ළමුන්ගෙන් සියයට 55කට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවයි.
පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා ලබාදීමට යෝජිත රුපියල් 6,000ක දීමනාව අස්වැසුම හිමි පවුල්වල සිසුන් අට ලක්ෂ 25,000කට පමණ ලබාදීමට අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියේ.
අස්වැසුම දීමනාව නොලබන තවත් සිසුන් ලක්ෂ දෙක හමාරකට පමණ මෙම දීමනාව ලබාදීමට අපේක්ෂිත බවද එහිදී ප්‍රකාශ කෙරුණා.