හික්කඩුව සංචාරක ව්‍යාපාරය සඳහා බලපෑමක් එල්ල කර ඇති අධික ශබ්දයෙන් යුතු නලා ශබ්ද කරමින් ගමන් කරන දුර ගමන් සේවා බස්රථ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව නගරය හරහා ගමන් කල හැකි වේග සීමාව පැයට කිලෝමීටර 40 කිරීමත්, නලා ශබ්ද කිරීම තහනම් පුවරු සවි කිරීමටත් ඒ පිළිබඳව බස්රථ රියදුරන් දැනුවත් කිරීමටත් නියමිතයි.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා හික්කඩුව ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී මෙම තීරණවලට එළඹ තිබෙනවා.
හික්කඩුව සංචාරක පුරවරයක් බව සටහන් කරන ලද පුවරු සිංහල භාෂාවෙන්ද සකස් කිරීමටත් රථවාහන පොලීසියට සහ මාර්ග සංවර්ධන අධිකාරියට, රුහුණු සංචාරක කාර්යංශයට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා එහිදී උපදෙස් ලබාදුන් බවයි ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ.
ඊට අමතරව හික්කඩුව ප්‍රදේශයේ නිවැරදි කසළ කළමණාකරණයක් පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.