Tuesday, December 24, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ගෙන්වූ සහල් බහාලුම් තුනක් සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ




ඉන්දියාවෙන් ගෙන්වූ සහල් බහාලුම් තුනක් සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ සහල් බහාලුම් දෙකක කෘමීන් සිටි බවයි. තවත් සහල් බහාලුමක කල් ඉකුත් වූ දිනය වෙනස් කර තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.