10වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ නිසාම් කාරියප්පර් මහතා අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඊයේ දිනයේ දී ද නව මන්ත්‍රීවරු සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.
එ අනුව සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් දිවුරුම් දුන් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ෆයිසර් මුස්තාෆා මහතායි.