Tuesday, December 24, 2024

General line - 0115112241

ඉන්දියාව හිමාල කඳුවැටියේ කෘත්‍රිම අභ්‍යවකාශයක් හදයි




ඉන්දියාව විසින් සිය අභ්‍යවකාශ මෙහෙයුම් නව තලයකට ඔසවා තබා තිබෙනවා. ඒ, අභ්‍යවකාශ පරිසරයකට සමාන භෞතික පරිසර පද්ධතියක් පළමුවරට නිර්මාණය කරමින්. 

ඇනලොග් අභ්‍යවකාශ මෙහෙයුම ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය ඉන්දියාව අත්හදා බලා ඇත්තේ හිමාල කඳුවැටියේදීයි. 

අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා එක්වන ගගනගාමීන් අභ්‍යවකාශ තත්ත්වයන්ට අනුගත කිරීම මෙහි අරමුණයි. 

එහි ඇඳක්, සැපයුම් සහ හදිසි කට්ටල, ආහාර උණුසුම් කිරීම සඳහා මුළුතැන්ගෙයක් හා වැසිකිළියක් ඇතුළු පහසුකම්වලින් සමන්විතයි. 

ජලය ඉතා සීමිත බැවින් විශේෂිත වැසිකිළි පද්ධතියක් මෙහිදී නිර්මාණය කර ඇති අතර අපද්‍රව්‍ය බැහැර කිරීමටද නිර්මාණය කර ඇත්තේ නව ක්‍රමවේදයක්. 

ගගනගාමීන් සති තුනක් මෙම පහසුකම් තුළ කටයුතු කරමින් කාලය ගත කළ යුතු බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ. 

ඉන්දියාව 2035 වසරේදී සිය පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. 

2040 වසරේදී ඉන්දියාව සඳ මතට මිනිසෙකු යැවීමටයි සැලසුම් කර ඇත්තේ.