Tuesday, December 24, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය ගැන පෙත්සම් විභාගය අවසන් - තීන්දුව 31

උදය කුමාර




පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළා. 

ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනා. 

ඒ අනුව  පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලු‍ම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් කෙරුණා. 

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේනම් ඒවා හෙට පෙරවරු 9.00 පෙර ඉදිරිපත් කරන ලෙසයි නියෝග කෙරුණේ.