ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ 07වන ක්‍රීඩකයා වන ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වින් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.
ඒ, ඕස්ටේ්රලියාව සමග පැවති තුන්වන ටෙස්ට් තරඟය අවසානයේයි.
ටෙස්ට් තරග 106කදී කඩුලු 537ක් බිඳහෙලා ඇති අශ්වින්, වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳහෙලූ දෙවන ඉන්දීය පන්දු යවන්නා ලෙසද වාර්තා පොත අතරට එක් වනවා.
ඔහු දෙවන වන්නේ කඩුලු 619ක් බිඳ හෙලූ අනිල් කුම්බ්ලේට පමණයි.
අශ්වින් පිතිකරුවෙකු ලෙස ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ටෙස්ට් ලකුණු 3503ක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු ලකුණු 3,000කට වැඩි සහ කඩුලු 3,00ක් ලබාගත් ලොව සිටින තුන් ඉරියව් ක්‍රීඩකයින් 11 දෙනා අතරටද අයත්.