Monday, December 23, 2024

General line - 0115112241

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටිමේ වාර්තාව චීනය සතු කර ගනී




අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටි ගගනගාමීන්ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට චීනය සමත් වී තිබෙනවා. 

ඒ, චීන ගගනගාමීන් දෙදෙනෙකු පැය නවයක අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කිරීමත් සමගයි. 

මීට පෙර ලොව දිගම අභ්‍යවකාශ ගමනේ වාර්තාව පිහිටුවා තිබුණේ අමෙරිකාවයි. 2001 වසරේදී පැය අටයි මිනිත්තු 56ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින් අමෙරිකානු   ගගනගාමීන් දෙදෙනෙකු එම වාර්තා බිහි කර තිබුණා.

චීනය සිය අභ්‍යවකාශ මෙහෙයුම් මේ වන විට පුළුල් කරමින් සිටිනවා. එහි එක් අදියරක් ලෙස මෙම වසර මුලදී චන්ද්‍රයාගේ දුරස්ථම ප්‍රදේශයශක සිට පළමුවරට සාම්පල රැස් කිරීමටද සමත් වුණා. 

චීනයේ අරමුණ වන්නේ 2030 වන විට මිනිසුන් සහිත චන්ද්‍ර ගමනක් සම්පූර්ණ කිරීමයි.