මෙරටට ආනයනය කරන වාහන දින 90ක් තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ, වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්.
අදාළ වාහනය නියමිත කාලයේදී ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් එය ලියාපදිංචි කරන අවස්ථාවේදී අදාළ ආනයනකරුට මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තුවෙන් සියයට 45ක් මෙන්ම ප්‍රමාද ගාස්තුද ගෙවිය යුතු යුතු වනවා.
එමෙන්ම විකිණීමේ අරමුණින් ආනයනය කරන වාහන ආනයනකරුගේ නමට, ව්‍යාපාරයේ නමට හෝ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කිරීමද තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ආනයනකරුවෙකු මාස 06ක් තුළ තමන් ආනයනය කළ මුළු මෝටර් රථ ප්‍රමාණයෙන් සියයට 25ක් දින 90ක් තුළ ලියාපදිංචි නොකළහොත් ඔහුට වාහන ආනයනය කිරීම මාස 36කට තහනම් කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
වාහන විශාල ප්‍රමාණයෙන් ආනයනය කර වාහන තොග රැස් කිරීම අධෛර්යමත් කිරීම මෙහි අරමුණයි. මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අරමුණද ඇතිව මෙම කොන්දේසි පැනවූ බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.
මීට අදාළ සම්පූර්ණ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.