ජනාධිපතිවරයාට සහ මැති ඇමතිවරුන්ට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දීම ගැටලුවක් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සඳහා විශාල මුදලක් වැය වන බවට පැවසීම පිළිගත නොහැකි තර්කයක් බවයි.
මැතිවරණ සමයේ වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ගැටලු දැන් පෙනෙන්නට ඇති බවයි ඔහු සඳහන් කළේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.