Monday, December 23, 2024

General line - 0115112241

පාසල් නිවාඩු සමයේ හා උත්සව සමයේ සිදු වන අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

නිරෝෂන් කොළඹ 




පාසල් නිවාඩු සමයේ හා උත්සව සමයේ සිදු වන අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක් ඇතැයි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය සේනක ලියනගේ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ රෝගීන්ගේ සංකූලතා සහ අනතුරුවල ස්වභාවයද වැඩි වී ඇති බවයි. 


සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ වසරකට අනතුරු හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව මිලියනයකට අධික බවයි.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වන බව පොලීසිය පවසනවා. 

බරපතල තුවාල සිදු වීමේ සිද්ධි 05ක්ද වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ. 

දක්ෂිණ, කොළඹ - කටුනායක සහ පිටත වටරවුම් යන අධිවේගී මාර්ගවල මෙම අනතුර සිදුව ඇති බවද ඔහු කියා සිටියා.