Monday, December 23, 2024

General line - 0115112241

සිය රට ලෝකයට තර්ජනයක් නොවෙයි සිරියානු නව පාලකයා කියයි




සිරියාව ලෝකයට තර්ජනයක් නොවන බව එරට වර්තමාන පාලක අහමඩ් අල් ෂාරා පවසා තිබෙනවා. 

සිරියාවේ අගනගරය වන ඩැමස්කස්හිදී බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

සිරියාව මේවන විට යුද්ධයෙන් හෙම්බත් වී ඇති අතර අසල්වැසි රටවල් සමඟ හෝ බටහිර රටවල් සමඟ යුද්ධයකට සුදානමක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 

එමෙන්ම පැරණි පාලනය ඉලක්ක කර ගනිමින් සිරියාවට පනවා ඇති සියලු සම්බාදක දැන් ඉවත් කළ යුතු බවද සිරියානු නව පාලකයා පවසා තිබෙනවා.

කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදිය යුතු අතර දැනටමත් විශ්වවිද්‍යාලවල කාන්තා ප්‍රතිශතය සියයට 60කට වැඩි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.