ඉන්දියාව සමග එට්කා ගිවිසුමට අත්සන් කිරීමට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයේදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා පමණක් කටයුතු කළ බවයි ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පැවසුවේ.
අවබෝධතා ගිවිසුම් දෙකක් පිළිබඳව පමණක් එහිදී එකඟතාවකට පැමිණි බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.