Monday, December 23, 2024

General line - 0115112241

ඕනෑම මැතිවරණයකට විපක්ෂයක් ලෙස මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව නලින් බණ්ඩාර කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්




පවත්වන ඕනෑම මැතිවරණයකට විපක්ෂයක් ලෙස මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. 

මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමේ සිටින තම පක්ෂ නියෝජිතයින් දැනුවත් කරමින් ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට සූදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය මැතිවරණවලදී යම් පසුබෑමකට ලක් වුවද තවදුරටත් පක්ෂය වෙනුවෙන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ ඉදිරි දේශපාලන කටයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියටත් සිදුකරන බවයි.

 

රජය ජනතාවට ලබාදුන් බලාපොරොත්තු මේ වන විටත් ක්‍රමානුකූලව ඉටු කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.