සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය පරාජයට පත් වූයේ මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්රීඩා විලාශය හේතුවෙන් බව ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි පවසනවා.
ඔහු පැවසුවේ පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජයග්රහාණය කිරීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකියාව තිබූ බවයි.
සිදු වූ වැරදි අඩුපාඩු සකස් කරමින් හෙට දිනයේ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයට මුහුණ දීමට සූදානම් බවයි පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි වැඩිදුරටත් පැවසුවේ.