මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බව චීනය පවසනවා.
ඒ, එම වෛරසය සම්බන්ධයෙන් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කරමින්.
ඔවුන් පෙන්වා දෙන්නේ ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය දෙයක් බවයි.
මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවයි චීනය පවසන්නේ.
ඒ අනුව චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවද ඔවුන් පවසනවා.
එමෙන්ම විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවද චීනය වැඩිදුරටත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.