විදෙස්ගත වීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් මුදල් ඉපයූ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවියක් හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හංවැල්ල ප්‍රදේශයේම පදිංචි ඇයගේ වයය අවුරුදු 20ක් වන බවයි පොලීසිය පැවසුවේ.
එම සිසුවිය විසින් හංවැල්ල, කොස්ගම, පාදුක්ක, හෝමාගම ඇතුළු අවට ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය ජාවාරයේ නිරත වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නංගරට අයත් අයිස් මත්ද්‍රව්‍ය තමන් එලෙස අලෙවි කළ බවයි ඇය ප්‍රශ්නකිරීම් හමුවේ පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.