Wednesday, January 8, 2025

General line - 0115112241

මාලදිවයිනේ විදේශ ඇමති ඉන්දියාවට




ඉන්දියාවේ නිල සංචාරයක නිරත මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ 'ඉන්දියාවේ ආරක්ෂාව මාලදිවයිනේ ආරක්ෂාව' බවයි. 

මෙම ප්‍රකාශයෙන් ඉන්දියාව, මාලදිවයිනේ සබඳතාවල ධනාත්මක ගමන් පථය පෙන්නුම් කරන බවයි ජාත්‍ය්නතර විශ්ලේෂකයින් පවසන්නේ.

එමෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්‍ෂාව ඉන්දියන් සාගරය හරහා සිටින ජාතීන්ට ආරක්‍ෂාව සහතික කරනු ඇති බව ද මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් සිය ඉන්දීය සංචාරයේදී පවසා තිබෙනවා.

මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරයේදී එරට විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී මූල්‍ය පැකේජ සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා මාලදිවයිනට සහාය වීම සම්බන්ධයෙන් ඔහු ඉන්දියාවට ස්තූති කළ බව සඳහන්. 

2025 වසරේ ඉන්දීය අගනුවරට පැමිණි පළමු විදේශ අමාත්‍යවරයා ඔහුයි. 

''කලාපයේ සංවර්ධනය කළ හැක්කේ ඉන්දියාව සංවර්ධනයට නායකත්වය දීමෙන් සහ එම සංවර්ධනයේ හවුල්කරුවන් ලෙස අප පමණි. අසල්වැසියන්ට නැඟිටීමට ඉන්දියාවට උපකාර කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.'' යනුවෙන් ද මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් පවසා තිබෙනවා.