පකිස්තානයේ බලෝකිස්තානයේ ටර්බට් හි තදාසන්න ප්‍රදේශයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Balochistan පොලිස්පති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරි Rabia Tariq, පවසන්නේ පිපිරීමේ ස්වභාවය තක්සේරු කරමින් පවතින නමුත් සම්පූර්ණ තොරතුරු සපයනු ලබන්නේ පරීක්ෂණයකින් පසුව පමණක් බවයි.
මූලික තොරතුරුවලට අනුව, කරච්චි සිට ටර්බට් දක්වා ධාවනය වූ බස් රථයක් නිව් බහ්මන් ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක වී ඇති බවත්, තුවාල ලැබූවන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන් අසල රෝහලකට රැගෙන ගිය බවත් පොලීසිය පවසා තිබෙනවා.
අදාළ බස්රථය තුළ පකිස්තානයේ Quetta හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී Zohaib Mohsin ද ඔහුගේ පවුලේ අය සමඟ Turbat වෙත යමින් සිටි බවත් ඔවුන් ද පිපිරීමට හසු වූ බවත් වාර්තාවල සඳහන්.
බලුකිස්තාන් රජයේ ප්‍රකාශක ෂාහිඩ් රින්ඩ්ගේ ප්‍රකාශයක් පැවසුවේ පිපිරීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහ්සින් ඔහුගේ පවුලේ හතර දෙනෙකුට සුළු තුවාල ලබා ඇති බවයි.
තහනම් සටන්කාමී කණ්ඩායමක් වන බලෝකිස්තාන් විමුක්ති හමුදා කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.
පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පැවසුවේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි.