Wednesday, January 8, 2025

General line - 0115112241

පකිස්තානයේ අඹ නිෂ්පාදනය පහළ වැටේ




අඹ යනු පාකිස්තානයට විදේශ විනිමය උපයා ගැනීම සඳහා ඉවහල් වන තීරණාත්මක කෘෂිකාර්මික නිෂ්පාදනයක් වන නමුත් එම නිෂ්පාදනය සහ අපනයනය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස පහත වැටුණි. 

පාකිස්තානය වාර්ෂිකව අඹ ටොන් මිලියන 1.7 - 1.8 ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.

කෙසේ වෙතත්, නිෂ්පාදනය මෑත වසරවල පහත වැටීමක් දක්නට ලැබෙන අතර එය 2024 දී සියයට 60 කින් පහත වැටී ඇත. 

පකිස්තානයේ අඹ නිෂ්පාදනය 2022 දී සියයට 50 කින් පහත වැටී තිබුණි.

දේශගුණික විපර්යාස, නවීන ගොවි උපකරණ හා තාක්‍ෂණය සඳහා ප්‍රවේශය නොමැතිකම සහ නිලධාරිවාදී උදාසීනත්වය ගැන අඹ වගාකරුවන් බලධාරීන්ට චෝදනා කරයි.

එරට පලතුරු හා එළවළු සංගමයේ සභාපති වහීඩ් අහමඩ් පැවසුවේ දේශගුණික විපර්යාසවල අයහපත් බලපෑම් හේතුවෙන් 2013 වසරේ සිට අඹ නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බවයි. 

මෙම ගැටළු අවම කිරීමට කඩිනමින් පියවර නොගතහොත් තත්වය වඩාත් නරක අතට හැරිය හැකි බව ද ඔහු පැවසීය