“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත පෞද්ගලික බස් රථ වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.
එම සාකච්ඡාවේදී මූලික කාරණා කිහිපයකට දෙපාර්ශවය එකඟ වූ බවත් පොලිසිය විසින් සාධනීය විසඳුමක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බවත් ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.