Wednesday, January 8, 2025

General line - 0115112241

බස් රථ සහ අමතර කොටස් සවිකර ධාවනය කරන රථ වාහන සොයා වැල්ලවායේ පොලිස් මෙහෙයුමක්




වැල්ලවාය සහ තණමල්විල පොලිස් බල ප්‍රදේශ ආවරණය කරමින් අද දින විශේෂ රථ වාහන මෙහෙයුමක් සිදු කර තිබෙනවා 

මෙම මෙහෙයුමේදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මගී ප්‍රවාහන බස් රථ වලට ඇතුළු වී එම බස් රථ වල රියදුරන් සිදු කරන රථ වාහන වැරදි අධ්‍යනය කිරීමට කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඊට අමතරව බස් රථ සහ වෙනත් රථ වාහන වල සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් ද නීතිමය කටයුතු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.