බදුල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇල්ල පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ලකට අනුව බදුල්ල බන්ධනාගාරය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසුවේ පසුගිය 06 වනදා රාජකාරී නිමා කොට පිටව යන අතරතුරදී එම බන්ධනාගාර නියාමකවරයා මෙම පහරදීමට ලක්ව ඇති බවයි.
යම් පුද්ගලයෙකු විසින් එම නියාමකවරයාගේ දුරකථනයට ඇමතුමක් ලබා දෙමින්, බදුල්ල බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීයෙකු හල්පේ ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වී ඇති බවත් හැකි ඉක්මනින් එම ස්ථානයට පැමිණෙන ලෙසත් පවසා ඇති තිබෙනවා.
ඒ අනුව, අදාල ස්ථානයට ගිය එම නිළධාරීයාට පුද්ගලයින් 04 දෙනෙකු විසින් තියුණු ආයුධයකින් හා හෙල්මටයකින් පහරදී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ නියාමකවරයා දෙමෝදර රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මේ වන විට එම නිලාධාරියා බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.