අනුරාධපුර, බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූ බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.
නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටින අතරතුර ඔහු එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 44 හැවිරිදි දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.