පොල්, සියඹලා, කිරි පිටි සහ බැරල් තොගයක් අතර සඟවා යතුරු පැදි 03ක් ලොරි රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ලොරි රථය කිලිනොච්චියේ සිට මාදිවෙල දක්වා ධාවනය කරමින් තිබියදී දැදුරුඔය පොලිස් මුරපොලේ පොලිස් නිලධාරීන් විසින් නවතා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම යතුරු පැදි කල් බදු ලීසිං සමාගමක් වෙත රැගෙන යන බවයි ලොරියේ සිටි සැකකරුවන් දෙදෙනා පොලීසිය වෙත පවසා ඇත්තේ.
කෙසේවෙතත් යතුරු පැදිවල අනන්‍යතාව තහවුරු කිරීම සඳහා කිසිදු ලේඛනයක් ඔවුන් සතුව තිබී නැහැ.
ඒ අනුව සැකකරුවන් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.