බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් තීන්දුව ලබා දුන්නා.
එලෙස දඬුවම් නියම වුණේ 26 හැවිරිදි තරුණයෙකුටයි. ඔහු විසින් 2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සිය මිත්‍රයෙකුට ලබා දීම සඳහා එලෙස රැගෙන ගොස් ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 9ක්. එහිදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.