ආනයනයට ලබා දී තිබූ කාලය ඇතුළත සහල් මෙටි්රක් ටොන් එක් ලක්ෂ 67,000ක් මෙරටට ලැබී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් මෙටි්රක් ටොන් 66,000ක් කැකුළු සහල් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
මේ අතර, නීතිවිරෝධීව භාණ්ඩ මෙරටට ගෙන්වන පුද්ගලයින්ට නීතියේ පවතින ඉහළම දඬුවම ලබා දීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.
නීත්‍යානුකූල නොවන ආනයනයන් සම්බන්ධයෙන් සිදුකෙරෙන වැටලීම් අඛණ්ඩව සිදු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.