Saturday, January 18, 2025

General line - 0115112241

විදුලි ගාස්තු අඩු කිරීමට ලංවීමේ තීරණය තවදුරටත් ප්‍රමාද වෙයි




විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20කින් විදුලි ගාස්තු අඩු කරන බවට ප්‍රකාශ කළද සිය මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ මුදල් අමාත්‍යංශය ලබා දෙන උපදෙස් මත බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිර්දේශ මුදල් අමාත්‍යංශයට ද යවා ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නැහැ.

කෙසේවෙතත් විදුලි ගාස්තු තීන්දු කිරීමේ බලය පැවරී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට පමණක් බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ. 

එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ ජනතාවට ලබා දී ඇති සහනය උදුරා ගැනීමට බලධාරීන් උත්සහ කරන බවයි. 

> විදුලි ගාස්තුව සියයට 20කින් අඩු කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිද්රටත් කියා සිටියා.