Saturday, January 18, 2025

General line - 0115112241

සුසිල් වසර 08කට පසු නිදහස් පක්ෂ මූලස්ථානයට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානය යටතේ තරුණයින්ට අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. 

නව සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. 

කලකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසීමක්ද කළා.