ඉදිරියේදී පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජය උපදෙස් ලබා දී ඇති බව පොලීසිය පවසනවා.
වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී හිඟයට විසඳුමක් ලෙස රජය විසින් එම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම රාජකාරිවල නිරතව සිටියදී පොලිස් නිලධාරීන් 241 දෙනෙකු පසුගිය වසරේ පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.
නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහ පවතින නීති බලාත්මක කිරීම සඳහා ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්යක්ෂමතාවක් අපේක්ෂා කරන බවයි වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.