මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
එම සැකකරුවන්ගේ රුවට සමාන ලෙස අඳින ලද සිතුවම් දෙකක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් 071 859 13 63 අංකය අමතා මන්නාරම ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයා වෙත හෝ 023 222 32 24 අංකය අමතා මන්නාරම මෙහෙයුම් මැදිරිය වෙත ලබා දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
පසුගිය 16 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය අසල සිදු කළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පැවසුවේ.