Tuesday, January 21, 2025

General line - 0115112241

ගල් කඩා වැටීමේ අවදානමක් නිසා මහනුවර - මහියංගන මාර්ගය කහටගොල්ලෙන් වැසේ.




මහනුවර - මහියංගන මාර්ගය, කහටගොල්ල ප්‍රදේශයෙන් අද පස්වරු 06.00 සිට හෙට පෙරවරු 06.00 චක්වා වසාදමා තිබෙනවා. 

ඒ, 44 කිලෝ මීටර් කණුව අසලින් එම මාර්ගයට පස් සහ ගල් කඩා වැටීමේ අවදානමක් හේතුවෙන්. 

ඒ අනුව සැහැල්ලු වාහන සඳහා විකල්ප මාර්ග ලෙස කහටගොල්ල - උඩුදුම්බර මාර්ගය භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. 

මහනුවර දෙස සිට ධාවනය වන බර වාහනවලට තැන්නකුඹුර හරහා රන්දෙණිගල මාර්ගය භාවිත කළ හැකියි. 

මහියංගනය දෙස සිට පැමිණෙන බර වාහන සඳහා හසලක හරහා රන්දෙණිගල මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දැමුණු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව එම පළාත් ආණ්ඩුකාර කාර්යාල පවසනවා.

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ. 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වූවා.

මේ අතර ප්‍රධාන වැව් 73න් 55ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක මහත්මිය පැවසුවා. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක මහත්මිය.