පකිස්තානයේ බලෝකිස්තාන ප්රදේශයේ ගමන් කරමින් තිබූ පාකිස්තාන හමුදා රථ පෙළක් ඉලක්ක කර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්රාදේශීය ආරංචි මාර්ග පැවසුවේ, ක්වෙටා සිට රේඩාර් උපකරණ ප්රවාහනය කරමින් තිබූ ට්රක් රථ පෙළක් කලත් නගරය දෙසට ගමන් කරමින් සිටියදී රථවාහන පෙළ ආසන්නයේදී පිපිරීමකට ලක්ව ඇති බවයි.
Baloch Liberation Army (BLA) නමැති සන්නද්ධ කණ්ඩායම විසින් ප්රහාරයේ වගකීම භාර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි ප්රකාශක Jeeyand Baloch පැවසුවේ කණ්ඩායම දුරස්ථ පාලකයක් ආධාරයෙන් පිපිරීම සිදු කළ බවයි.
පිපිරීමෙන් ප්ස්කිතාන හමුදාවේ සොල්දාදුවෙකු මිය ගොස් තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද ඔවුන් පැවසුවා.
පිපිරීමෙන් එක් රථයකට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ