රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් විසි පන්දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළේ.
ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටත් එහිදී නියෝග කෙරුණා.
ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළ අධිකරණය එම නඩුව නැවත ජුනි මස 20 වනදා කැඳවීමට ද නියෝග කළා.
මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද කොළඹ ටොරින්ටන් ඇවනිව් හී පිහිටි ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.