රාජකාරී වෙලාව තුළ නිල ඇඳුමෙන් බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ චෝදනා එල්ල වූ පානදුර උතුර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන්ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
අදාළ සිද්ධියට වගකිව යුතු සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
චෝදනා එල්ල වී සිටින සැරයන්වරුන් දෙදෙනා බීමතින් අශෝභන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කළා.