අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් විධායක නියෝගයක් ක්‍රියාත්මක කිරීම එරට ෆෙඩරල් අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.
විදේශීය කාන්තාවක් අමෙරිකාව තුළදී දරුවකු ප්‍රසුත කළහොත් එම දරුවාට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැනවූ නියෝගයක් එලෙස අත්හිටුවා ඇති බවයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විනාඩි 25ක නඩු විභාගයකින් අනතුරුව එම නියෝගය වළක්වමින් අමෙරිකානු ෆෙඩරල් අධිකරණය තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකළා.
ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ විධායක නියෝගය දින 14කට අත්හිටුවා ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.
එමෙන්ම අදාළ විධායක නියෝගය ව්‍යවස්ථා විරෝධී නියෝගයක් බවයි විනිසුරුවරුන් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය අමෙරිකානු ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ පුරවැසිභාවය පිළිබඳ වගන්තියේ එක්සත් ජනපදයේ උපත ලබන ඕනෑම අයෙකු අමෙරිකානු පුරවැසියෙකු බවට සහතික කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බව එරට අධිකරණය පවසා තිබෙනවා.