රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
ඔහු ඊයේ පස්වරු 06.45ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉන් අනතුරුව යෝෂිත රාජපක්ෂ 'M' වාට්ටුවේ රඳවා තිබෙනවා.
එම වාට්ටුවේ තවත් සැකකරුවන් පස්දෙනෙකු පමණ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
යෝෂිත රාජපක්ෂට බන්ධනාගාරයෙන් ඊයේ දිනයේ පැඳුරක් ලබාදී තිබෙනවා.
ඊයේ රාත්රියේ මෙන්ම අද දිනයේ ද යෝෂිත රාජපක්ෂට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ලබා ගැනීමට සිදු වනවා.
එමෙන්ම ඉරිදා දිනයක් වන අද දිනයේ බන්ධනාගාර නීතියට අනුව ඔහු බැලීමට කිසිවෙකුටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඊයේ බෙලිඅත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රත්මලාන ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් සහ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාලවයි.
ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමෙන් පසු දීර්ඝ ලෙස ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.