ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගයේ දෙවන ජය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
එහිදී නායක ජෝස් බට්ලර් පන්දු 30කදී ලකුණු 45ක් ලබා ගත්තා. බ්‍රයිඩන් කාර්ස් පන්දු 17කදී ලකුණු 31ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අක්ෂාර් පටෙල් සහ වරුන් චක්‍රවර්ති කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.
ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02කදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 78ක් ඇතුළත බිඳ හෙලමින් එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.
බිඳ වැටුණු ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් හුදෙකලා සටනක නිරත වූ ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ පිතිකරු තිලක් වර්මා පන්දු 55කදී හයේ පාරවල් 05ක් සහ හතරේ පහරවල් 04ක් එල්ල කරමින් ලකුණු 72ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන ගියා.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසු වනවා.