ඉන්දියාව සහ ඉන්දුනීසියාව ආරක්ෂක නිෂ්පාදන සහ සැපයුම් දාමයේ එක්ව කටයුතු කරමින් ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සමග පැවැති ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ඊයේ දිනට යෙදී තිබුණු ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ඉන්දුනීසියානු ජනාධිපතිවරයායි.
එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේ ඉන්දියාව ජනරජයේ 75 වන සංවත්සරය සමරන මොහොතේ ඉන්දුනීසියාව නැවතත් ප්‍රධාන ආරාධිතයා වීම ආඩම්බරයට කරුණක් බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ තමන් ප්‍රබෝවෝ සුබියන්තෝ සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ විවිධ පැති පිළිබඳව “පුළුල් සාකච්ඡාවක්” පැවැත්වූ බවයි.
සමුද්‍ර ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ රැඩිකල්කරණය සම්බන්ධයෙන් සහයෝගිතාව පිළිබඳව ද අපි අවධාරණය කර තිබෙනවා.
සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම අපරාධ වැළැක්වීම, සෙවීම් සහ ගලවාගැනීම් සහ ධාරිතාව ගොඩනැගීම සඳහා දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවා.