Thursday, January 30, 2025

General line - 0115112241

සහල් පාලන මිලෙහි වෙනසක් නැහැ - වී සඳහා අවම සහතික මිල ගෙනඑන හැටි රජය කියයි




සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට රජය කිසිසේත් සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

රතු කැකුළු සහල් සම්බන්ධයෙන් පවතින ගැටළුව තවත් දෙසතියක් පමණ යන විට විසදෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වෙළඳපොළ හැසිරීම අනුව ඉදිරියේදී වී සඳහා අවම සහතික මිලක් නියම කරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මේ අතර අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ විදුලිය මිලදී ගැනීමේදී විදුලි ඒකකය මිල ඩොලර් ශත හයකට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට එම සමාගම සමග රජය සාකච්ඡා ආරම්භ කර ඇති බවද කැබිනට් ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.