ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම අධි චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට යොමුකර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා එම අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.
එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරුණා.