දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට්පත් නීති විරෝධී ලෙස මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සංචාරක මඟ පෙන්වන්නෙකු ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබුණා.
එම සැකකරු අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් ටිකට් පත් දෙකක් රුපියල් 27,000ක මුදලකට විදේශිකයින්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
ඊ ටිකට් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.