පසුගිය කාල සීමාවේ ගොවියා වෙනුවෙන් කළ සටන් පාඨයට සාධාරණයක් ඉටු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ අනුව, වී සඳහා ප්‍රමාණවත් අවම මිලක් නියම කරන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.
මේ අතර වැඩි මිලට සහල් අලෙවි කළ සුපිරි වෙළඳසැලකට එරෙහිව නඩු පවරා තිබෙනවා.
පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ පිටකොටුව, හෙට්ටිවීදිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට එරෙහිව එලෙස නඩු පැවරූ බවයි.
මිල ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් එම සුපිරි වෙළඳසැලට අවවාද කර තිබෙනවා.
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.