මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා හමුවී තිබෙනවා.
ඒ, යුද හමුදා මූලස්ථානයේදීයි.
මෙම අවස්ථාවට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් බොහෝ පිරිසක් එක්ව සිටි බවයි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ඒකකය පැවසුවේ.
එම අවස්ථාවේ දී යුද හමුදාපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමා තිබෙනවා.
මෙම අවස්ථාවට නවතමයෙන් උසස්වීම් ලැබූ
මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී. විජයරත්න,
ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී,
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර්. පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී,
මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී. ආරියසේන,
ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී,
මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී,
මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ,
ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී,
මේජර් ජෙනරල් එම්.එන්. ප්‍රනාන්දු ආර්එස්පී,
මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස්. පෙරේරා,
ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී,
මේජර් ජෙනරල් එච්.පී.අයි. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී,
මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී. විජේසූරිය ආර්එස්පී යූඑස්පී එන්ඩීසී,
මේජර් ජෙනරල් එල්.සී.කේ. පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී,
මේජර් ජෙනරල් කේ.එම්.එන්. කුලසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී,
මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී,
මේජර් ජෙනරල් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩීසී අයිඑස්සී,
මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී. කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී,
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස්. වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී,
මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ සහ මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්වූහ.
නිලයේ වැදගත්කම, යුද්ධය සහ සාමය පවතින කාලයන්හිදී විශාල භටපිරිසක් ඵලදායී ලෙස පාලනය කිරීම සඳහා යුද හමුදාවේ අණදීම් ක්‍රියාත්මක කිරීමට මෙම නිලයට ඇති හැකියාවද උසස්වීම් ලද නිලධාරීන්ට යුද හමුදාපති විසින් පෙන්වා දුන් බවයි එම මාධ්‍ය ඒකකය පැවසුවේ.
මෙම හමුවේදී යුද හමුදාපතිතුමන් නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන්ගේ සුවිශේෂී වෘත්තීය ජයග්‍රහණ වෙනුවෙන් සුබ පැතුම්ද එක් කර තිබෙනවා.