දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරට ලක්වන අවස්ථාවේදී මෙම යානයේ මගින් 21 දෙනෙකු සිට ඇති අතර දිවි බේරා ගැනීමට හැකිව ඇත්තේ එක පුද්ගලයෙකුට පමණක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මියගිය පුද්ගලයන් අතර ගුවන් නියමුවා සහ සහය නියමුවාද සිටින බව සඳහන්.
මියගිය අය අතර චීන ජාතිකයින් දෙදෙනෙක් සහ එක් ඉන්දියානුවෙක් සිටින බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දකුණු සුඩානයේ අගනගරය වන ජුබා දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක්. යානය තෙල් නිධියක් අසලින් පියාසර කිරීමේදී කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි එරට රජය පවසන්නේ.