විදුලිබිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම රටේ ආර්ථිකයට වැදගත් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වරින්වර විදුලි බිල අඩු වැඩි වීම රටේ උද්ධමනයටද ඍජුව බලපාන බවයි.
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමේදීයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8ක මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති.