අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අද පස්වරුවේයි.
2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති “ඉසුරු සවිය” නම් සැමරුම් උත්සවයට සමූපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණා.
එහි විමර්ශන උදෘත, නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණ වී තිබීම හේතුවෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.