බලපත්‍ර නොමැතිව මාඔයේ වැලි ප්‍රවාහනය හා ගොඩදැමීම සිදු කළ සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත කෑගල්ල, බොලගම ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.
එහිදී අදාළ පුද්ගලයින් සමග වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක්ද සිය භාරයට ගත් බවයි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 42, 46 සහ 56 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය 50 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.