එළඹෙන අයවැයේදී ග්රාමීය ආර්ථිකය නංවාලීම සඳහා වැඩි ප්රමුඛතාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවේ ප්රධාන ඉලක්කය ග්රාමීය දුප්පත්භාවය තුරන් කිරීම බවයි.
පෞද්ගලික අංශයේ රැකියා ආකර්ෂණීය නොවී රාජ්ය අංශයේ රැකියා මෙතරම් ආකර්ෂණීය වී ඇත්තේ මන්දැයි සොයා බැලිය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයක් අමතමින්.